මෙත්මිණ සෑය (Methmina Sthupa)

බුද්ධ වචනයට අනුව මෛත්‍රීය කරුණාව මුදිතාව උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ දුර්ලභ මැණික් බඳුය. යමෙකු තුළ මෙකී සතර බ්‍රහ්ම විහරණ ඇතිවේනම් ඒ අයගේ නිවන වළකාලීමට කිසිදු බලවේගයකට නොහැක.

වෛරයෙන් මුසපත්වූවන්ගේ නිවීම පිනිස ද මෛත්‍රී වඩන්නවුන්ගේ යහපත පිනිස ද සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින, මෛත්‍රීයෙන් බලගැන්වූ මහානුභාව සම්පන්න සෑ රදුන් මෙත්මිණ සෑය නමින් නම්කරන ලදි. මෙහි යථාර්ථය වන්දනාමාන කරන ඔබ සැමට අත්විඳිය හැක.