ඉගැන්වීම් (Teachings)

නිවීම සොයා වන අරණෙහි ඉගැන්වීම් පදනම් වී ඇත්තේ සමථ හා විදර්ශනා මුල්කොට බුදුන් වහන්සේගේ උපදෙස් පරිදි සතර ඉරියව්ව තුළ මනාව යතාභූත ඥාණයෙන් සිහිය පවත්වාගෙන ප්‍රඥා ඇස උපදවා ආලෝකය ලබා ගැනීම පිනිසයි. එනම් මේ ජීවිත කාලය තුළ නිවන් අවබෝධ කර ගැනීම සඳහා කෙනෙකුගේ කායික, වාචික සහ මානසිකව හටගන්නා කෙලෙස් ක්‍රමානුකූලව නිරෝධ කිරීම සඳහා පියවරෙන් පියවර පුහුණුවේ යෙදවීමයි.

ප්‍රධාන පිළිවෙත වන්නේ සන්සුන් භාවයෙන් යුතුව දෛනික කටයුතු මනාව සිහිය පවත්වාගෙන කිරීම තුළින් ඇලීම හා ගැටීම ක්‍රමාණුකූලව අඩුකරගෙන බාහිර නාමරූප හා අභ්‍යන්තර සලායතන අතර ස්පර්ෂය සම්මාවෙන් දකින්නට ප්‍රායෝගිකව පුරුදු පුහුණු වීමයි.

ඒ අනුව යෝගියා ක්‍රමක්ක්‍රමයෙන් දහම් ඇස පාදවාගෙන ඥානය තුළින් ප්‍රඥාව ද, අවිද්‍යාවෙන් මිදී විද්‍යාව ද උපදවා අවසන අලෝකයට ලඟාවනු ඇත (විශ්වයේ සැබෑ ස්වරූපය වන නිහඬතාවයට පත්වනු ඇත).

මේ සඳහා චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හා කමටහන් පිළිබඳව ලබාදෙන දැනුම ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා ලඟාවීමට පහසු කරවයි.

The teaching method of The Niweema Soya Forest Monastery is based on the Samatha and Vidharsha, according to the Buddha’s instructions, to attain enlightenment through the cultivating eye of wisdom and maintaining mindfulness with true knowledge in the four postures. That is, one should practice systematically step by step to eliminate the defilements that arise physically, verbally and mentally to realize Nivāna in the lifetime.
The main practice is to maintain an insightful mindfulness in daily activities with calmness, by gradually reducing attachments and conflicts, and practically practice to see the contact between external Namaruupa and internal Salayathana with truth.
Accordingly, the meditator will gradually cultivate the eye of Dhamma, then develop wisdom through knowledge, and escape from avidhya and create knowledge, and reach the ultimate enlightenment (the silence that is the true nature of the universe). For this purpose, the knowledge which is provided of the Four Noble Truths (Chathurarya sathya), the Patichchasamuppada, Seven Bodhipakshika Dharmas and Kamatahana, makes it easier to reach Perceptible understanding.